25 C
Colombo
Saturday, May 18, 2024

දළ දේශීය නිෂ්පාදිතයේ හැකිළීමක්

- Advertisement -

2023 වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂ ව 3.1%කින් සංකෝචනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

දෙවැනි කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තු එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් දක්නට ලැබුණත් කාර්මික හා සේවා අංශයේ පසුබෑමක් දක්නට ලැබෙන බවයි.

2023 වසරේ දෙවැනි කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,597,441ක් ලෙස වාර්තා වෙනවා.

කෙසේවෙතත් 2022 වර්ෂයේ දී මෙම අගය රුපියල් මිලියන 2,680,074ක් ලෙස වාර්තා වී තිබුණා. 

ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව 3.1% කින් සංකෝචනය වී තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

කෙසේවෙතත් මෙම කාර්තුව තුළ කාෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදු වී ඇති අතර, පෙර වසරට සාපේක්ෂ ව එය 3.6%ක වර්ධනයක් බව වාර්තා වෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, ධාන්‍ය වගා කිරීම, පැළ බෝකිරීම, වී වගාව, කාෂිකාර්මික සහාය සේවා කටයුතු, තේ, එළවළු සහ පලතුරු වගා කිරීම මෙන්ම කරදිය ධීවර කටයුතු සහ සත්ත්ව නිෂ්පාදනවල ධන වර්ධන වේගයන් වාර්තා කර ඇති බවයි.

නමුත් එම ගිණුම් ඇස්තමේන්තු අනුව කාර්මික අංශයේ සහ සහ සේවා අංශයේ යම් පසුබෑමක් දක්නට ඇති බව වාර්තා වෙනවා.

කර්මාන්ත අංශය තුළ පෙර වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 වර්ෂයේ 11.5%ක පසුබෑමක් පවතින බවද අදාළ වාර්තාවේ සඳහන්

එමෙන්ම පෙර වසරට සාපේක්ෂ ව සේවා අංශයේ පසුබැසීම 0.8%ක් ලෙස  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එහි දී මූල්‍ය සේවා 18.8%කින්, වෘත්තීය සේවා 9.3%කින්, තොරතුරු තාක්ෂණ සේවා 8.5%කින්, විදුලි සංදේශ සේවා 4.4%කින්, සෞඛ්‍ය සේවා 2.6කින්, පසුබැසීම් වාර්තා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...