25 C
Colombo
Saturday, May 18, 2024

අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

- Advertisement -

අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු ඔහු සිටි පෞද්ගලික නේවාසිකාගාරය තුළ මියගොස් සිටියදී හමුවී තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා නියමිත පරිදි සේවය කරන වාට්ටුවට නොපැමිණීම නිසා වාට්ටුවේ සිටි අනෙක් පිරිස විසින් ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ද ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

එහිදී වෛද්‍යවරයා දිගින් දිගටම දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හෙද නිලධාරිනියක විසින් ඔහු නැවතී සිටි පෞද්ගලික නිවසට රෝහල් සේවකයෙකු යවා තිබු බවයි සඳහන් වන්නේ.

එහිදී අදාළ වෛද්‍යවරයා ඇඳ මත නිදා සිටින ආකාරය දැක නිවසේ ඉදිරිපස දොර විවෘත කර අම්පාර රෝහලේ ගිලන් රථයකින් වෛද්‍යවරයාව රෝහල වෙත රැගෙන යාමට කටයුුතු කර තිබෙනවා.

රෝහලට රැගෙනයන විටත් ඔහු මියගොස් සිට ඇති බවට පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

යුද ජයග්‍රහණයට අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපති...

තවත් ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...