25 C
Colombo
Monday, May 20, 2024

පෝය දවසෙ අවුකන පිළිමෙට චීවරයක් අන්දලා

- Advertisement -

අනුරාධපුර ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේට කිසියම් පිරිසක් විසින් සිවුරක් අන්දා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව වත්තල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් විසින් මෙම සිවුර ඇන්දවීම සිදුකර ඇති තිබෙනවා.

වස්කාලය නිමා කිරීම ඊයේ දිනට යෙදුණු ඉල් පොහොය නිමිති කරගෙන සිදුකෙරෙන බැවින් එම පිරිස මෙම ක්‍රියාව කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාවට භික්ෂූන්වහන්සේලා පිරිසක්ද සහය දක්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

සිවුර ඇන්දවීමෙන් අනතුරුව අවුකන පිළිමවහන්සේගේ දෙපා අභියස පාවහන් යුගලයක්ද තබා ඇති අයුරු දකන්නට ලැබෙනවා.

සිවුරු අන්දන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවෙමින් පවතින අතර එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

වෙසක් පෝයට සුරාසැල් වැසෙන දින මෙන්න

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා...

නිවසක සිටි කාන්තාවකට මා‍රාන්තික ඇසිඩ් ප්‍රහාරයක්

කහව නිවසක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාව මිය ගොස් ඇති බවයි. පාසලකට ආහාරපාන සපයන වසය 59ක් පමණ වන...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත අධිකරණයෙන් නියෝගයක් 

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...