26.8 C
Colombo
Sunday, June 2, 2024
spot_img

චාමරට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කර ගෙන

- Advertisement -

විදුහල්පතිනියක් දණගස්වා හිරිහැර සිදුකළ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (01) ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබු තිබුණා

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය දැනටමත් බදුල්ල සමථ මණ්ඩලයේ දී සමථයකට පත් වී ඇති බවයි.

ඒ් අනුව එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දි තිබෙනවා.

2018 වසරේ දී පාසලට ළමයකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ව දණගස්වා හිරිහැර සිදුකළ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යලයේ විදුහල්පතිනිය භවානී රඝුනාදන් විසින් එවක ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

විපතට පත් ජනතාව මුදාගන්න යුද හමුදාවෙන් කණ්ඩායම් 7ක්

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්වයන් සඳහා හෙලිකොප්ටර් යානා 3 ක් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක...

අයහපත් කාළගුණය නිසා රත්නපුරයේ පුද්ගල මරණ තුනක්

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුර ඇලපාත ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන්, කාන්තාවක් මියගොස් තිබෙන බවට වාර්තා වනවා. තවද රත්නපුර අයගම දුම්බර ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු...

හෙට දිනයේ සියලු පාසල් වැසේ

දිවයින පුරා සියලුම පාසල් හෙට (03) දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. බලපා ඇති...

POPULAR ARTICLES

බත්තරමුල්ලට දුම්රිය මාර්ගයක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2024.05.28) කොළොන්නාව...

Breaking:ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ සාකච්ඡාවක් එන සඳුදා

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය...