25 C
Colombo
Sunday, May 19, 2024

මහමෙව්නාවෙන් කොරෝනා සුව කරන බෙහෙතක් (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් 19 වෛරසය සුව කළ හැකි පහසු බෙහෙතක් මහමෙව්නා අසපුවේ පූජ්‍ය අලුදෙනියේ සුබෝධ හිමියන් හඳුන්වා දෙනවා.

අදාළ ඖෂධය පිළිබදව පැහැදිළි කරන සුබෝධ හිමියන් පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයෙකු දිනකට තුන් වතාවක් උණුසුම් හුමාලය විනාඩි 10 බැගින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු බවයි.

එවිට ඉහළ උෂ්ණත්වයේදී කොවිඩ් 19 වෛරසය සෛල සැකැස්මත් බිඳ වැටී අඩපණ වන බවත් ඉන් පසු සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියට එය එය විනාශ කළ හැකි බවත් උන්වහන්සේ සඳහන් කළා.

ඒ ආකාරයෙන් ප්‍රතිකාර ගත් විට කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇතිවීමෙන් වැළකිය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

පරම්පරා ගණනාවක දේශීය දැනුම අවතක්සේරු නොකරන ලෙසත් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කරන විකල්ප ඖෂධ ප්‍රතික්ෂේප නොකරන ලෙසත් ශ්‍රද්ධා TV නාලිකාවේ විකාශය වූ මෙම සාකච්ඡාවේදී උන්වහන්සේ සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව ශ්‍රද්ධා TV Youtube නාලිකාවෙන් මේ වන විටත් ඉවත්කිරීමට Youtube සමාගම කටයුතු කර තිබෙනවා.

එම සමාගම සඳහන් කර ඇත්තේ අදාළ වීඩියෝවෙන් Youtube කොන්දේසි කඩකර ඇති බවයි.

ශ්‍රද්ධා TV නාලිකාවේ විකාශය වූ අදාළ වැඩසටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...