ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව සඳහන්.
ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බවට වාර්තා වනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.