31 C
Colombo
Saturday, July 27, 2024

රත්තරන් වටින කැරට්

- Advertisement -

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බවත්, චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග වල කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලෙදුන් කියා සිටියේ එලවළු කරන ගොවින්ගෙන් කැරට් කිලෝවක් රු 900 ක් වැනි තොග මිලට ලබාගත් බවත්, එසේ ලබාගත් කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බවයි.

ලික්ස් , බිට්රුට් , ගෝවා කිලෝවක් රු 450-500 අතර තොග මිලකට අලෙවි කරන බව පැවසු වෙළදුන් බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රු 750-800 අතර තොග මිලකට අලෙවි කරන බව සඳහන් කළා.

තවද අමු මිරිස් කිලෝවක් රු 1600 , රාබු කිලෝවක් රු 350 වැනි මිලකට අලෙවි කරන බව වෙලෙදුන් කියා සිටියා.

මිට සති දෙකකට ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු 350-400 අතර මිලකට අලෙවි කල බවත්, චීන ආපන ශාලා සදහා භාවිතා කරන බ්‍රකෝලි කිලෝවක් රු 750 වැනි මිලකට අලෙවි වි තිබෙනවා.

නුවරඑලිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගා විනාශ වි අස්වැන්න අඩුවිම නිසා ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ එලවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, මෙම තත්ත්වය තවත් මාස තුනක් වැනි කාලයක් පවතින බව වෙලෙදුන් කියා සිටියා.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටියේ තොග මිලට සමගාමිව එලවළු සිල්ලර මිලද 100% කින් ඉහල යාම නිසා ඇතැම් පාරිභෝගිකයන් ඉතා සිමිත ප්‍රමාණයක් එලවළු මිල දි ගන්නා බවත්, පවත්නා තත්ත්වය මත එලවළු වෙලදාම පහත වැටි ඇති බව‍යි.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා.

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...