26 C
Colombo
Friday, December 8, 2023

බොරතෙල් මිලෙහි වෙනසක්

- Advertisement -

ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මැද පෙරදිග තෙල් සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල නොවන බව තහවුරු වීමත් සමඟ පසුගිය සති 04 මුළුල්ලේ පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් යථා තත්ත්වයට පත්වීමක් බව වාර්තා වනවා.

සැප්තැම්බර් මාසය අවසානයේ සිට තෙල් මිල 20%කින් පමණ පහත වැටුණු අතර දැන් නැවතත් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ නිෂ්පාදන කප්පාදුව වැඩිකිරීමට ඔපෙක් ප්ලස් (OPEC +) කණ්ඩායම සැලසුම් කිරීම හේතුවෙන්.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් මෙන්ම රුසියාව ඇතුළු තෙල් අපනයන කරන අනෙකුත් රටවල් ලබන 26 වනදා රැස්වී ඒ පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතව ඇති බවයි.

එම පුවත වාර්තාවීමත් සමග පසුගිය සිකුරාදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4%කින් පමණ ඉහළ ගොස් තිබුණා.

දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව නිසා ඔපෙක් රටවල තෙල් නිෂ්පාදනය 2021 වසරේ අගෝස්තු මාසයෙන් පසු පහළම අගයක පවතින බවත් සෞදි අරාබිය අතිරේක තෙල් බැරල් මිලියනයක දෛනික නිෂ්පාදන කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවත් සඳහන් වනවා.

නව නිෂ්පාදන කප්පාදුව පිළිබඳ බලාපොරොත්තුව නිසා පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 77.42ක් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 81.24ක් ලෙසයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 73.09ක් ලෙස සටහන් වූ අතර එය අද වනවිට ඩොලර් 76.59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...