කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (20) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,023.02ක් ලෙසටයි.
022 මාර්තු මස 04 වනදායින් පසු පළමු වරට සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඒකක 11,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1 ලෙස වාර්තා වී තිබෙන්නේ.