31 C
Colombo
Saturday, July 27, 2024

වික්ටර් අයිවන්ට එරෙහිව මහරගම පොලීසියට පැමිණිල්ලක්

- Advertisement -

රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට එරෙහිව මහරගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ රාවය පුවත්පතේ අධ්‍යක්ෂ හා ප්‍රධාන කතෘ විමලනාත් වීරරත්න මහතා විසින්.
පැමිණිල්ල මඟින් ඔහු සදහන් කර ඇත්තේ වික්ටර් අයිවන් මහතා විසින් තමන්ගේ නම සදහන් කරමින් ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යයේ ව්‍යාජ සටහනක් තබා ඇති බවයි.
අදාල සටහන මඟින් වික්ටර් අයිවන් මහතා චෝදනා කර ඇත්තේ රාවය පුවත්පතේ භාණ්ඩාගාරය කඩා ගිණුම් අංශයට බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් සේප්පුව විවෘත කර කොමර්ෂල් බැංකුවට චෙක්පතක් යවා මුදල් කර ගැනීමට විමලනාත් වීරරත්න මහතා උත්සහ කර ඇති නමුත් එය ව්‍යාර්ථ වී ඇති බවයි.
මෙම චෝදනාව සාවද්‍ය බැවින් ඒ පිළිබදව කඩිනනමින් විමර්ශනයක් සිදුකරන ලෙස අදාල පැමිණිල්ලෙන් විමලනාත් වීරරත්න මහතා ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...