28 C
Colombo
Saturday, May 18, 2024

2021 වසරේදී Uber ආයතනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81 ක දායකත්වයක් 

- Advertisement -

කොළඹ පැවති උත්සවයකදී එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රතිපත්ති පර්යේෂණ සංවිධානයක් වන Public First සංවිධානය විසින් Uber ආයතනයේ  2021 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාව එළිදැක්වීය. එම විශ්ලේෂණයට අනුව, Uber සහ Uber Eats 2021 දී ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 81කින් දායක වී ඇති අතර, පාරිභෝගිකයින්, රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් මෙන්ම සමස්ථ සමාජයම මෙම ආර්ථික පරිවර්තනයට දායක වූ ආකාරය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

Uber ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා, Uber ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියා කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂ, ශිව ශෛලේන්ද්‍රන් මහතා, Uber Eats හි මෙරට කළමණාකාරිනී භාව්නා ඩඩ්ලනී ජයවර්ධන මහත්මිය ඇතුළු Uber ශ්‍රී ලංකා නායක කණ්ඩායම් සාමාජිකයින් සහ Uber Rides හි මෙරට කළමණාකාරිණී තනුෂිකා සිවනාදන් මෙනවිය යන පිරිස් සහභාගී විය.

වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් Uber  ආසියා පැසිෆික් කලාපීය රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මයික් ඔර්ගිල් මහතා පැවසුවේ Uber ආයතනය 2015 සිට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේදී වැදගත් නියමුවෙක් වී සිටි නමුත් එම දායකත්වයේ සංඛ්‍යාත්මක ප්‍රමාණයක් පිළිබඳ ඔවුනට නිවැරදි අවබෝධයක් නොතිබූ බවයි.  මෙම වාර්තාව මගින් රියදුරන්ට,බෙදාහැරීමේ හවුල්කරුවන්ට, පාරිභෝගිකයින්ට සහ සමස්තයක් ලෙස ආර්ථිකයට ඇති බලපෑම පළමු වරට පෙන්නුම් කරන බවත්  එමඟින් නම්‍යශීලී රැකියා අවස්ථා වල වැදගත්කම පෙන්වාදෙන බවයි. එමෙන්ම පුළුල් විකල්පයන් සහ ඉල්ලුම පදනම් කරගෙන සේවා සපයන නිසා එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වටිනාකමක් නිර්මාණය වී ඇති බවයි. අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම වාර්තාව නිසා ශ්‍රී ලංකාවේ වර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව වැඩ කිරීමට සහ ඔවුන්ගේ තාක්‍ෂණික ගෝලීය විශේෂඥතාව යෙදවීමට ඇති අරමුණ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වන බවයි.

මෙම වාර්තාව මඟින් ආර්ථික දායකත්වය පිටුපස ඇති සාධක, ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම පිළිබඳව ගැඹුරින් සොයා බලයි. Uber සහ Uber Eats යන වේදිකා දෙකම වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව පරිණාමය වී ඇති ආකාරය, කාලය ඉතිරි කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම, විකල්ප පරාසයක් සහ තෝරා ගැනීම් පහසු කිරීමේ යාන්ත්‍රණය, කුඩා ව්‍යාපාර සඳහා සහාය වීම සහ ශ්‍රී ලංකාවේ දහස් ගණන් රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා නම්‍යශීලී ඉපැයීම් අවස්ථා ලබා දුන් ආකාරය පෙන්වා දෙයි.

වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්:

ශ්‍රී ලංකා ආර්ථිකයට Uber ආයතනයේ දායකත්වය

  • Uber සහ Uber Eats මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇස්තමේන්තුගත ශ්‍රී ලංකා රුපියල් බිලියන 81 කින් දායක වී ඇත.
  • Uber (27 බිලියන ) සහ Uber Eats (25 බිලියන ) එක්ව 2021 දී ශ්‍රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.3% ට සමාන වේ.

වැඩි දියුණු කරන ලද කුඩා ව්‍යාපාර මගින්  ඉල්ලුමට සරිලන සේවාව

  • මෙම වේදිකා දෙක මගින් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය නොමැති දේශීය ආපනශාලා සහ වෙළෙන්දන්ට සහාය වීමට දිරිගන්වන ලද අතර එමඟින් රුපියල් බිලියන 2.1 ක අමතර ආදායමක් ලබා ගැනීමෙන් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 51 ක දළ ආදායමක් නිර්මාණය කළේය.
  • Uber Eats භාවිතා කරන්නන්ගෙන් 88%ක් ආහාර බෙදාහැරීමේ යෙදුම් (apps) මගින් නව අවන්හල් සොයා ගැනීම පහසු කර ඇති බව පවසයි.
  • පරිශීලකයින්ගෙන් 74%ක් ඔවුන් පෙර කිසිදා ආහාර නොගත් අවන්හල්වලින් ඇණවුම් කර ඇත.

රියදුරන් සහ බෙදාහැරීමේ පුද්ගලයින්ට නම්‍යශීලී වීම

  •  2021 දී, Uber විසින් රියදුරන්ට වාර්ෂිකව අතිරේක රුපියල් මිලියන 775ක් උපයා ගැනීමට උපකාර වී ඇත.

පාරිභෝගික හැසිරීම් මඟින් අවස්ථා නිර්මාණය

  • පාරිභෝගික පහසුව සහ විශ්වාසනීයත්වයට ප්‍රමුඛත්වය ලබා දෙයි. Uber විසින් පැය මිලියන 3.7 කට වඩා වැඩි කාලයක් පාරිභෝගිකයාගේ සමීපතමයන් වෙනුවෙන් කාලය ඉතිරි කර දීමට ඇස්තමේන්තු කර ඇත.
  • ඒ අනුව Uber පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සෑම ගමන්වාරයකදීම අවම වශයෙන් මිනිත්තු 9ක් ඉතිරි කර ගත හැක.
  • Uber සහ Uber Eats එක්ව 2021 දී ශ්‍රී ලංකා රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක් නිපදවා ඇත.  
  • Uber යෙදුම භාවිතයෙන් ප්‍රවාහන ගමන් මාර්ගය ලුහුබඳිය හැකි බැවින් පොදු ප්‍රවාහනයෙන් ඇති වන අවදානම් සහිත අවස්තා මගහරවා ගත හැක. එමෙන්ම Uber යෙදුම ඔස්සේ ගන්නා සෑම ගමන්වාර 7 න් 1 ක්ම පොදු ප්‍රවාහනය සමඟ සම්බන්ධ වේ.
  • Uber භාවිත කිරීමට ආරක්ෂාව ප්‍රධාන සාධකයක් වන බව කාන්තා මගීන් 96%කගේ පොදු මතයකි.
  • පහසු මෙන්ම පරිසර හිතකාමී ගමන් සේවාවන් නිසා පාරිභෝගිකයාගේ පුද්ගලික භාවිතයට මෝටර් රථයක් මිළ දී ගැනීමේ අවශ්‍යතාව යටපත් විය.
  • ශ්‍රී ලංකාවේ මගීන්ට අනුව ඔවුන් පවසන්නේ පසුගිය වසර දහය තුළ ඔවුන්  මුහුණ දුන් ප්‍රවාහනයේ වැදගත්ම දියුණුව වන්නේ Uber යෙදුම භාවිතයෙන් ගමනාගමනය පහසු වීම බවයි.

ආර්ථික සුබසාධනයේ වැදගත්ම පියවරයන්ගෙන් එකක් වන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් අත්හැරීමට ඔබ යමෙකුට ගෙවන මුදලයි. භාණ්ඩයක පාරිභෝගික අතිරික්තය ශුන්‍ය නම්, එයින් ඇඟවෙන්නේ අපට එය ගත හැකි හෝ අත්හැරිය හැකි බවයි. නමුත් ඉහළ පාරිභෝගික අතිරික්තයක් ඇති භාණ්ඩ අපගේ ජීවිත තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Uber ආයතනය ගැන

Uber ආයතනයේ මෙහෙවර වන්නේ ප්‍රවාහනය හරහා නව අවස්ථාවන් නිර්මාණය කිරීමයි. අපි සරල ගැටළුවක් විසඳීමේ අරමුණින් 2010 දී Uber ආයතනය ආරම්භ කළෙමු: බොත්තමක් එබීමෙන් ඔබ ගමනකට ප්‍රවේශය ලබා ගන්නේ කෙසේද? මිනිසුන්, ආහාර සහ අනෙකුත් දේ නගර හරහා ප්‍රවාහනය කිරන ආකාරය වෙනස් කරන්නේ කෙසේද යන්න අපට පැන නැගුණු ප්‍රධාන ගැටලු විය. ගමන් වාර බිලියන 15කටත් පසුව, අපි මිනිසුන්ට ඔවුන් සිටීමට අවශ්‍ය තැනට සමීප කිරීමට නිෂ්පාදන ගොඩනැගුවෙමු.  Uber යනු නව හැකියාවන් සඳහා ලෝකය විවෘත කරන වේදිකාවකි. 

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...