25 C
Colombo
Saturday, May 18, 2024

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

- Advertisement -

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණා.

අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කරනු ලබනවා.

අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර, එම නිෂ්පාදනයන්හි තත්ත්වය පිළිබදව පාරිභෝගිකයින්ගෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබී තිබූ පැමිණීලි අනුව එම ස්ථානය වටලා පරීක්ෂා කිරීම සිදු කර තිබුණා.

එහිදි ආදාල නිෂ්පාදන ආයතය තුළ ආහාර ස්වස්ථතා රෙගුලාසී උල්ලංඝනය කරමින් කටයුතු සිදු කෙරෙන බවට නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා.

එම කර්මාන්ත ශාලාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය, නිෂ්පාදන අංශය, ගබඩා, ශීත කාමර, අමුද්‍රව්‍ය ගබඩා, අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන ඇතුළු සියල්ල මෙහිදී නිලධාරීන්ගේ විමර්ශනයට ලක් වුණා.

එහිදී නිලධාරීන් විසින් එම ආයතන පරිශ්‍රය මෙන්ම නිෂ්පාදන කටයුතුවල සෟඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, කර්මාන්ශාලාවේ නිෂ්පාදන අංශයේ කටයුතු අවිධිමත් හා අපිරිසිදු භාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළිබදවත් මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණා.

අදාළ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍යවල මැස්සන් ආදී සතුන්ද සිටින බවට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබූ බව වාර්තා වනවා.

මේ අතර, එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිළීබදවද වැටලීම් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර, එහිදී විවිධ චර්ම රෝග සහිත සේවිකාවන් ද මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති බව ද මෙහිදී නිලධාරීන් අනාවරණය කර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...