28.9 C
Colombo
Friday, June 20, 2025

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුවට දින නියම වෙලා

- Advertisement -

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධ ව පනවා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ප්‍රකාශ කිරීමට නියමිත බවට වාර්තා වනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අදාළ නඩුව අද (14) කැඳවු අවස්ථාවේදියි.

අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ අයථා ලෙස උපයා ගත් බවට සැලකෙන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

නීතිපතිවරයා විසින් අමාත්‍යවරයාට එරෙහි ව මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න මහතා සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා නඩුව සඳහා වාචික කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ලිඛිත දේශන ඉදිරියේ දී භාර දීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

POPULAR ARTICLES

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...