28.9 C
Colombo
Thursday, March 27, 2025

මන්ත්‍රි සිහිනයක් ජනපති අතේ

- Advertisement -

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතට පසුගිය සතියේදී බාරදී තිබෙන බවට වාර්තා වනවා.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව කතානායකවරයා පවසනවා.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත්.

කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

මෙම වාහන බලපත්‍ර පිළිබඳ කරුණ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී එයට විරෝධය පළ කළ බවද ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවුණා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES