මාතලේ – විල්ගමුව පොලිස්ථානයේ රාත්‍රි සේවා මුර රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය පැහැරගෙන ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
ඊයේ (25) රාත්‍රි රාජකාරි සිදුකරන ලද විල්ගමුව පොලිස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවිය සහ පතුරම් සහිත මැගසීනය මෙලෙස අතුරුදන් වී තිබෙනවා.
රාත්‍රි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.