ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා.
එම හමුව අද පස්වරු 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.
එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙන බවද වාර්තා වෙනවා.
බලය බෙදීම සම්බන්ධයෙන් සහ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහාසංඝරත්න, ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීම වැදගත් බවත් මීට පෙර දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.