27.6 C
Colombo
Monday, May 20, 2024

ගාල්ලේ පුද්ගල ඝාතනයක්

- Advertisement -

ගාල්ල – අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා.

එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී කඩුවකින් පහරදී තිබුණා.

දැනට ප්‍රදේශයෙන් පැනගොස් ඇති සැකකරු විසින් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාට ද කඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් හිච්චි මල්ලි නමැති තිදරු පියෙක්.

මෙම ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරමක ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට කරුණු වාර්තා වී තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

පලිබෝධනාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නය සඳහා  දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ...

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අධික වැසි සමග කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි කාලසීමාව තුළදී සැළකිය...

බීඩිකොළ සමඟ ලොරියක් පැහැරගත් පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...