25 C
Colombo
Saturday, May 18, 2024

IMF දෙවැනි වාරිකය ගන්න නව ගිවිසුමක්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා. 

එහි සභාපති ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ , මේ හේතුවෙන් දෙවැනි ණය වාරිකය ලැබීම තවදුරටත් ප්‍රමාද විය හැකි බවයි.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවන් කඩිනමින් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ කළ හැකි අතර එමඟින් IMF ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ කාර්ය මණ්ඩල එකඟතාවට කඩිනමින් එළැඹිය හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අනුරාධපුරයේදී පසුගියදා (30) පැවැති ජනහමුවකදී වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමෙරිකානු ඩොලර් මිලියන අටසීය පනහක මුදලක් මෙම වසරේදී ලබාදීමට ලෝක බැංකුව විසින් මේ වන විටත් සහය පළ කර ඇති අතර මෙම මුදල් කිසිවිටෙක පසුගිය වසරේ මෙන් සෞඛ්‍ය, පොහොර හා ගෑස් වැනි සේවාවන්ට වැය කළාක් මෙන් ප්‍රතිඅරමුණගත කිරීමක් නොවන බවත් එහිදී ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් 2024 වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළා.

සැප්තැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ණය පහසුකම භාර ප්‍රධානී පීටර් බෘවර් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම මෙරට නියෝජිත පිරිස් සමඟ කරුණු රාශියක් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී රජයේ ආදායම් වැඩි කර ගැනීම, බදු ප්‍රතිසංස්කරණ, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, යහපාලනය ඇති කිරීම ප්‍රධාන මූලික ආර්ථික හා සාමාජයීය කරුණු කිහිපයක් පිළිබඳ වැඩිදුරටත් දෙරටේ නියෝජිතයෝ සාකච්ඡා කළ බව වාර්තා වෙනවා.

ඒ අනුව, නිලධාරි මට්ටමේ එකඟතාව ලබා ගැනීමෙන් පසු දූත මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාවට දෙවැනි වාරිකය නිදහස් කිරීම පිළිබඳ වූ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ නිර්දේශ සහිත වැඩපිළිවෙළ යොමු කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලැබුණ අතර ඉන් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මෙරටට ලැබුණා. එහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 300ක මුදලක් මෙරටට ලැබීමට නියමිතයි.

මෙම ණය පහසුකම මෙරටට හිමිවීමත් සමඟ විදේශ ණය ආධාර සපයන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල හා විදේශීය අරමුදල්වල මූල්‍ය පහසුකම් ලැබීමද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

RECENT ARTICLES - SINHALA

යුද ජයග්‍රහණයට අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපති...

තවත් ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...