29 C
Colombo
Saturday, May 18, 2024

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

- Advertisement -

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බව කියා සිටියේ, 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ සාකච්ඡාවකට එක්වෙමින්.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේදි වැඩිදුරටත් අදහස් දැක්වු බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ, අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශිය සංචාරකයන් ශ්‍රි පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදිමට තිරණය කළ බවයි.

අවාරයේ ශ්‍රි පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබා නොදෙන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලිමක්ද සිදු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආසියාවේ ප්‍රබලයන් අතරට ගිය ලාංකික යුවතිය

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන දිනාරා පුංචිහේවා...

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...