මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි කොල්ලකරුවෙකු එම නිවසේ සිටි පුද්ගලයින් සිදු කළ පහරදීමකින් මිය ගොස් තිබෙනවා.
පොලීසිය අද (11) අලුයම 04ට පමණ දේපොළ කොල්ල කෑමේ අරමුණින් කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවසට ඇතුළු වී ඇති බව පවසනවා.
එහිදී ඉන් එක් කොල්ලකරුවෙකුට නිවසේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්.
බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේ දීම මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
සෙසු කොල්ලකරුවන් දෙදෙනා පළා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.