ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්රිකට් ක්රීඩාංගණයේ ආසන සහිත ප්රදේශයක් නම් කිරීමට තීරණයට කර තිබෙනවා.
සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම කොටස චමරි බේ (Chamari Bay) ලෙසින් නම් කර තිබෙනවා.
ඇය WBBL තරඟ වාරයේදී දැක්වූ ඉහළ දක්ෂතා පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බව, වාර්තා වනවා.
මේ, අතර එළඹෙන 26 වැනිදා සිඩ්නි ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරඟය වෙනුවෙන් මෙම නම් කිරීම සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.