25 C
Colombo
Monday, May 20, 2024

රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

- Advertisement -

කොවිඩ් නයින්ටීන් වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිට නියමිත දිනයට නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය මෙම චක්‍රලේඛය මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයට අනුව විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා කිරීමට නොහැකි වු රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත සහ වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් කර අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව, මෙතෙක් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයාමේ නිවේදන නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...