විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් මෙන්ම එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගමන්කළ නොහැකි පුද්ගලයන් සඳහන් එන්නත්කරණයට කොළඹ මහනගර සභාව විසින් විශේෂ ජංගම එන්නත්කරන සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල එවැනි පුද්ගලයන්ට අදාළ එන්නකරන වැඩසටහනට සම්බන්ධ වීමට ලියාපදිංචි විය හැකියි.
ඒ සඳහා එන්නත ලබාගත යුතු පුද්ගලයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ අයදුම් කරන හේතුව කෙටියෙන් ඇතුලත් කර [email protected] යන විද්‍යුත් තැපෑල වෙත යොමුකර යුතු වනවා.
වැඩිදුර තොරතුරු සඳහා පහත වෙබ් පිටුව වෙත පිවිසෙන්න.
මෙතනින් පිවිසෙන්න