25 C
Colombo
Monday, May 20, 2024

වාහන ආනයනය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

වර්ථමානයේ දී රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රුපියල යළි අවප්‍රමාණයවීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

“මේ දවස් තුළ ඩොලර් මිලියන 75ක් 80ක් විතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් එකවැර මිලදී ගන්න අවශ්‍ය වුණා. ඔවුන් වෙළෙඳපොළෙන් මහ බැංකුවෙන් ගත්තා.

ඒ අනුව ඩොලර් එක පොඩ්ඩක් ඉහළයන ප්‍රවනතාවයක් ඇති වුණා. අපේ රටේ සමහරුන් ඉන්නවා ඩොලර්වල ආයෝජනය කරන අය. ඔවුනුත් ඩොලර් මිලදී ගන්න පටන්ගත්තා.

මෙන්න මේ දෙකේම බලපෑම තමයි රුපියල් 320 පැනලා ඩොලරයේ අගය ගියේ. අපි අයෙත් දැක්වා එක ඊයේ යළි රුපියල් 306 මට්ටමට ආවා. මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉල්ලුම සැපයුම මත ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්.”

ප්‍රශ්නය – වාහන ආනයන සීමා සම්බන්ධයෙන් ඒකට අවසර දෙනවද නැද්ද?

“අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.”

RECENT ARTICLES - SINHALA

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...