26 C
Colombo
Saturday, May 18, 2024

අරගල සමයේ හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

- Advertisement -

අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කර සිටියේ ඔහු ලබා දුන් දෙවන ප්‍රකාශයේ එය සදහන් බවයි.

මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් එම ප්‍රකාශයේ සදහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

තවද ඔවුන් පවසා සිටියේ මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේතුවෙන් එම මුදල් ලැබාදුන් අයගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි.

එම මුදල් තමාගේ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අයිතිවාසිකම් කියන බවට අධිකරණයට දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම මුදල් සම්බන්ධයෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාල උදෘත මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන්නේ ද යන්න පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසන බවයි.

අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් ලබන 28 ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.

හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙන ස්ථානයකට ගොස් එම ප්‍රකාශය ලබා ගන්න බව ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ද ඇය අධිකරණයට දන්වා සිටියා.

අධිකරණයේ පෙනී නොසිටි වින්දනයක් ආරක්ෂා කිරීමේ අධිකාරියට නැවතත් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඉදිරි දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...