26.8 C
Colombo
Sunday, May 19, 2024

කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ඉන්දියාවේ පැතිරෙයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසයට සමාන වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක මේ දිනවල පැතිර යමින් පවතිනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බවයි.

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් වෛරසය ආසාධිතයින් හමුවීම සමඟ මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

එම අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත්තේ ‘ඉන්ෆ්ලුවෙන්සා’ වෛරසයට අයත් ‘එච්3එන්2’ උප ප්‍රභේදය බවයි.

අනෙක් ‘ඉන්ෆ්ලුවෙන්සා’ ප්‍රභේද මෙන් නොව මෙම වෛරස ප්‍රභේදය ඉතා දරුණු එකක් බවයි එම වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

වෛරසය ආසාධිත බොහෝ පිරිසක් ස්වසන ආබාධ ඇති වීම හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර සඳහා මේ වන යොමුව තිබෙනවා.

වෛරසයේ සෙසු ලක්ෂණ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ තද උණ, හිසරදය සහ කල්පවතින කැස්සට අමතරව, පාචනව, සිරුරේ වේදනාව, උගුරේ ආසාදන, වමනය, කැරකිල්ල සෙසු රෝග ලක්ෂණ බවයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම, ඇස්, නාසය හෝ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැලකීම, ‘කොවිඩ් 19’ සමයේ මෙන් මුහුණු ආවරණ පැලඳීමට හුරුවීම වැනි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...