28 C
Colombo
Saturday, May 18, 2024

මත්පැන් බලපත්ලාභීන්ට අනතුරු ඇඟවිමක්

- Advertisement -

ලබන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම බදු නිෂ්කාශන සහතිකය අතීතය මෙන් බලපත්‍රලාභීන් විසින් ඉදිරිපත් කිරීම නොව එය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව බලපත්‍රලාභීන් ඔවුන්ගේ ප්‍රතිලාභ මත පදනම්ව අදායම් බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම අනිවාර්ය වනවා.

එහෙත් ඔවුන් වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් එම සහතිකය සුරක්ෂිත කිරීම සඳහා අදාළ ගෙවීම් නිෂ්කාශනය ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙවර නව ක්‍රමයක් හඳුන්වා දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු නිශ්කාශන සහතික සෘජුවම දෙපාර්තමේන්තුව වෙත එවනු ලබන්නේ බලපත්‍රලාභීන් විසින් ඔවුන්ගේ අපේක්ෂිත බදු ගෙවීම් නිෂ්කාශනය කර අදාළ බදු ගෙවීම්වලට අනුකූල වීමෙන් පසුව බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඒ සඳහා තම බදු නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුවට යැවීමට බලපත්‍රලාභීන්ගේ කැමැත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...