26.8 C
Colombo
Sunday, June 16, 2024
spot_img

කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

- Advertisement -

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉන්පසුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වනු ඇති.

ඒ වනවිට දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද සුළං පැ.කි.මී 60 – 70 දක්වා ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකියි.

එමෙන්ම ඉහත සිතියමේ දැක්වෙන මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවිකයින්ට හා ධීවරයින්ට දැනුම්දී තිබෙනවා.

දැනට එම ප්‍රදේශවල සිටින අයට වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් ඉදිරි නිවේදන ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොදු ප්‍රවාහනයට අලුත් වෙනසක්

පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වාදීම සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවාහන...

උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ මහින්ද රාජපක්ෂ – නාමල්

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු එළියට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර, ගොඩගම පිහිටි...

POPULAR ARTICLES

ට්‍රැෆික් පොලීසියට කල්ල මරේ

රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා චක්‍ර ලේඛයක් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය...

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

කු​ලී නිවෙස් හිමියන්ටත් බද්දක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ...