28 C
Colombo
Saturday, May 18, 2024

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ හිටපු උප නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රදැයුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා මිනුවන්ගොඩ අධිකරණයෙන් බඩල්ගම පොලිසිය වෙත අවසර ලබා දී තිබුණා.

මෙම මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී බඩල්ගම පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත්තේ ඔහුට කාන්තාවක් මත්ද්‍රව්‍ය ලබා දෙන බවටයි.

වහාම ක්‍රියාත්මක වුණු බඩල්ගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙම කාන්තාව සොයා සීදුව ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණා.

කුලියට ලබාගත් නිවසක මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවෙක් වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවගේ කුලියට ලබාගත් නිවස පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 160 ක් සොයා ගැනීමට බඩල්ගම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රසාද් මහතා සහ නිලධාරීන් සමත් වී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35 ක් පමණ කාන්තාවක් බව බඩල්ගම පොලිසිය පවසනවා.

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කාන්තාව මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා මිනුමන්ගොඩ අධිකරණයෙන් රැදවුම් නියෝග ලබාදී කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා.

අප කළ විමසීමකදී දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු උප නගරාධිපති සහ සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව මිනුවන්ගොඩ අධිකරණයෙන් ලබා දුන් රැදවුම් නියෝග මත බඩල්ගම පොලිසිය විසින් විමර්ශන පවත්වන බවයි.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...