31 C
Colombo
Saturday, July 27, 2024

පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කෙරේ

- Advertisement -

හෝකන්දර – හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.

පුද්ගලයකු විසින් අදාළ තරුණයාට පොලු පහරක් එල්ල කිරීම හේතුවෙන් අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 26ක් වූ හෝකන්දර-හොරහේන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහකයෙක්.

පහර දුන් පුද්ගලයාද අද (16) උදෑසන අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ, පහර දුන් පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වී සිට දින 10කට පෙර නිදහස් වී පැමිණි පුද්ගලයෙකු බවයි.

මොවුන් දෙදෙනා මිතුරන් වන අතර, දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් (සොකො) ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කළා.

ඝාතනය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලීසිය විසින් සිදුකරන අතර, සැකකරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...