31 C
Colombo
Saturday, July 27, 2024

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙි වන විට පොහොර නැව් තුනක් කොළඹ වරායට පැමිණ තිබෙන බවත් එක් නැවක බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් ද අනෙක් නැවේ යුරියා මෙට්‍රික් ටොන් 16,000ක් සහ තවත් නැවක යුරියා මෙට්‍රික් ටොන් 9,300ක් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙම පොහොර සියල්ලම අද (05)සිට ගොවි ජනතාවට බෙදා හරින බවත් හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 157.5ක් එක්වර ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

ගොවීන්ට රුපියල් 10,000ක මිලකට පොහොර දෙන නමුත් රජය විසින් මෙම පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා රුපියල් මිලියන 18,000ක මුදලක් සහනාධාර වශයෙන් වැය කරන බව ඊට අමතරව කාබනික පොහොර මිල දී ගැනීම සදහා ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් පමණ වෙන් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...