27.6 C
Colombo
Monday, May 20, 2024

කුලි හමුදා ජාවාරමේ යෙදුන හමුදාවේ දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

රුසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව පැවසෙන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට සහාය දුන් හිටපු සාජන් මේජර්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 67 සහ 50 වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පසුවන හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු යුද හමුදා සාජන් මේජර්වරයෙක්.

ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුක්රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත කඩවත ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

තද වැසි ගැන රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක...

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

රනිල්ගේ උදව්වට ගිය ලන්සාගේ හිත බැසිල් නිසා රිදිලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...