29 C
Colombo
Saturday, July 20, 2024

පාසලකින් අවි ගබඩාවක් සොයා ගනී

- Advertisement -

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිකර තිබූ පැරණි කාමරයක සිවිලිමේ සඟවා තිබු ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී  මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය සොයාගෙන තිබෙන බවට වාර්තා වනවා.

එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වන්නේ.

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබුණා.

එසේම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ...

සෝමාවතී පුදබිමට රෝහලක්

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (19)...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...