26.8 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දීය සුපිරි නළුවෙක් රඟපාන්න ගිහින් ඉළ ඇට කඩා ගනී

- Advertisement -

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටියක් රූගත කිරීමක් අතරතුරදී තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ බච්චන්ගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරන අවස්ථාවේදී මෙලෙස තුවාල ලබා ඇති බවයි.

රූගත කිරීම අතරතුරදී තමාගේ ඉළ ඇටවලට හානි වූ බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට සහ සෙලවීම වේදනාකාරී වූ බවත් ඔහු සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව තම නිවසේ විවේක සුවයෙන් සිටින බවයි වාර්තා වන්නේ.

බච්චන්ගේ පවුලේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පුර්ණ සුවය ලබා නැවත රූගත කිරීම් සඳහා පැමිණීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි.

වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉක්මන් සුව පතා නිවස අසලට මුණ ගැසීමට පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...