මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී මාර්ගවල අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වනවා.
අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෙලෙස අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම් දී තිබෙනවා.
ඔවුන් පැවසුවේ, අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි.