25 C
Colombo
Monday, May 20, 2024

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

- Advertisement -

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ද නම්කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි.

මේ නිසා විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලිබල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට ඉහළ නැංවීමට බලය පවරාදී ඇති බවත් එය මහජන සුබසාධනයට එතරම් යහපත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය යෝජිත පනත යටතේ සමාගම් කිහිපයකට වෙන් කෙරෙන බවත් ඒ තුළින් සේවකයින්ගේ වෘත්තිය සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් පෙත්සමේ සඳහන් වනවා.

ඊට අමතරව මෙම පනත් කෙටුම්පතට පාදක වන විදුලිබල විෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටද අයත් විෂයක් බැවින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...