අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මේ සඳහා අනුමැතිය හිමි වුණා.
ඒ අනුව, මෙම වැඩි කළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබා දීමට නියමිතයි.