29 C
Colombo
Saturday, July 20, 2024

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාට ඇප

- Advertisement -

මහියංගණ පෙරහැර සඳහා රැගෙන ආ සීතා ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබෙනවා.

මාපාකඩ වැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා අද (30) අලුයම වෙඩිතබා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකාර නිලධාරියා මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

වෙඩි වැදුණු 47 හැවිරිදි ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර සිදුකරමින් පවතිනවා.

රබර් උණ්ඩ යොදා සිදුකළ වෙඩිතැබීමකින් මෙම ඇතින්න තුවාල ලබා තිබුණා.

RECENT ARTICLES - SINHALA

දැන් රට ගමන් කරන්නේ අලුත් මාවතක – වජිර

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා පළාත් පාලන  මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

නීතියට පිටින් බහාලුම් නිදහස් කළ රේගු නිලධාරීන්ගේ වැඩ තහනම්

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව, රටේ...

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...