28 C
Colombo
Saturday, May 18, 2024

බැසිල් ඉන්දියා යයි

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස අග භාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග පැවති දුරකතන සංවාදයකදී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

හැකි සෑම අවස්ථාවකදීම ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී ඇතැයි, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ අතර, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි ෛදිරිපත් කර ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය දීර්ඝ කාලීන විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා උතුර හා නැගෙනහිර පළාත් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික හා උපයමාර්ගික ඉල්ලීම් ලැයිස්තුවක් මෙසේ ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සඳහා ඩොලර් බිලියනයක ණයක් මේ අනුව ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිත අතර මිට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමටත් කටයුතු කරනු ලැබුවා.

ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදල ලබාගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණත් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු විය. දෙසැම්බර් මාසයේදී ලබාගත් ණය මුදල මේ සතියේදී ගෙවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය හා ණය ආපසු ගෙවීමේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ ඒම ඉලක්ක කරගත් ආර්ථික ක්‍රියාකාරී සැලැස්ම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දියාව යොමු කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් කොළ එළියක් ලැබෙන තුරු ඉන්දියාව බලාගෙන සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

විශේෂයෙන්ම, නැගෙනහිර ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා ශක්තිමත් කරන සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් විශාල ප්‍රමානයක් ඉන්දීය ඉල්ලීම්වලට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානා, ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් අලුත්වැඩියා කිරීමේ තටාකයක් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහි වීම සහ කලාපයේ වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත මුහුදු ගමන් සහතික කිරීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් වන බහරේනයේ බුද්ධි තොරතුරු බෙදාගැනීමේ කාර්යාලයක් ස්ථානගත කිරීම ඊට ඇතුළත් කිරීම ඉන්දීය ඉල්ලීම් ඇතුළත්වෙයි.

ත්‍රිකුණාමලය අසල සාම්පූර් සහ ඒ අවට ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති (සූර්‍ය බලශක්ති) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉන්දීය රජයේ ප්‍රධාන ඉල්ලීමකි.

පලෙයි ගුවන් තොටුපළ වාණිජ මෙහෙයුම් සඳහා නැවත විවෘත කිරීම සහ යාපනය අර්ධද්වීපයේ සංස්කෘතික ව්‍යාපෘති කිහිපයක් ද දැනටමත් ප්‍රසිද්ධ කර ඇති ඉල්ලීම් ලැයිස්තුවට අයත් වේ.

එසේම ඩෙල්ෆ්ට් දූපතේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉන්දීය රජයට අවශ්‍ය වේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාවෙන් සහතිකයක් ලැබෙන තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍ බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් බිලියනයක ණය පහසුකමක් සඳහා නවදිල්ලි නුවරට යාමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බැවින් ඔහුගේ සංචාරය පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය නොවන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හට නිල කටයුත්තක් සඳහා හදිසියේ පැරීසියට යාමට සිදු වූ බැවින් පසුගිය සතියට නියමිතව තිබූ සංචාරය නැවත සැලසුම් කළ බවයි පසුගිය සතියේදී දූත මණ්ඩලය ප්‍රකාශ කළේ.

ජයිශංකර් මහතා මීට පෙර මාර්තු 18 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව සිටි නමුත් මහ කොමසාරිස් කාර්යාලය මෙම සංචාරය පිළිබඳව දැඩි ලෙස මුනිවත රකිමින් සිටින බවයි ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...