මාස කිහිපයක සිට විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බී ලූණු මිල මේ වන විට යළි පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 140 ක්.
පාකිස්තානයෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 100 – 120 ත් අතර මිලක පවතිනවා.
එමෙන්ම, චීනයෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 60 ක්.