26 C
Colombo
Friday, October 25, 2024

බිනුරටත් දඩයක්

- Advertisement -

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආචාර ධර්ම සහ විනය චෝදනා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට දඩ ගෙවීම් නියම කර තිබෙනවා.

මේ දිනවල කොළඹ සහ පල්ලෙකැලේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරනුයේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙතයි.

පසුගියදා (02) කලම්බු කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පැවති තරගයේ දී බිනුර විසින් ක්‍රීඩක ආචාර ධර්ම කඩන ලදැයි චෝදනා ලැබ තිබුණා.

විනිසුරුවරුන්ගේ උපදෙස්වලට ගරු නොකිරීම සහ අවනත නොවීමේ චෝදනාවට LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය යටතේයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

බිනුර ප්‍රනාන්දුට එරෙහිව පැවති විනය පරීක්ෂණයේ දී ඔහු සිය වරද පිළිගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව, ඔහුගේ තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක් ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව LPL ඇඳුම් පැළඳුම් හා උපකරණ රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන්ද බිනුර ප්‍රනාන්දුගේ තරග ගාස්තුවෙන් 25%ක් දඩ ලෙස අයකරගෙන ඇති අතර, වනිඳු හසරංගටද එම දඬුවම ම හිමිව ඇත්තේ ඇඳුම් සම්බන්ධයෙන් ඇති වූ විනය චෝදනාවකටයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...