තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා.
හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු කැලෑවක මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත මෙම හඳුන් දිවියාගේ සිරුර සොයාගෙන තිබුණා.
හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා සඳහන් කළේ මියගොස් ඇති හදුන් දිවියා හොදින් වැඩුණු සතෙකු වන අතර, දිවියාගේ උදරයේ සහ පසුපස ප්‍රදේශයේ විශාල තුවාලයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි.
හඳුන් දිවියන් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් මෙලෙස එක් හඳුන් දිවියෙකු බරපතල ලෙස තුවාල ලැබීමෙන් පසු මියයන්නට ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සඳහන් කළ බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තවදුරටත් පවසා සිටියා.
මියගිය හඳුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාර දීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා.
(හැටන්- රංජිත් රාජපක්ෂ)