28 C
Colombo
Saturday, May 18, 2024

BREAKING – මැයි 09 ප්‍රහාරයට දේශබන්දු සම්බන්ධ නැහැ – අභියාචනාධිකරණය

- Advertisement -

ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තවත් රිට් ආඥාවක් නිකුත් කළා.

නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකළ පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ඉකුත් මැයි මස 09 වනදා ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට මෙම පෙත්සම්කරු ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බවයි.

ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 314, 316 සහ 343 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එසේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් ඔහුට අයුක්තියක් සහ අසාධාරණයක් සිදුවන බව ද පැවසුවා.

ඒ අනුව පෙත්සම්කරු සැකකරු වශයෙන් නම්කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් මස මස 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවූ ලිපිය තුළින් පෙත්සම්කරුට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇති බවත් එය නීතිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලය අභිබවා ගොස් කටයුතු කිරීමක් බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව පෙත්සම්කරු සැකකරු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ද බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය ඔහු අදාළ සිද්ධියේ තවදුරටත් සැකකරුවකු නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විතර තවත් රිට් ආඥාවක් ද නිකුත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...