28 C
Colombo
Saturday, May 18, 2024

BREAKING – දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිතයි – අභියාචනාධිකරණය

- Advertisement -

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබූවා.

මේ අතර ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මෝදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද අභියාචනාධිකරණය විසින් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...