25 C
Colombo
Monday, May 20, 2024

සිරිසේනට කතෝලික පල්ලියෙන් කනේපහරක්..!

- Advertisement -

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ සමාව අයැදීම ශ්‍රී ලංකාවේ කතෝලික සභාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැදුරේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා.

ජූඩ් ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම නිසා හිටපු ජනාධිපතිවරයාට සිරගත වීමට සිදුවන බවයි.

“හිටපු ජනාධිපති සිරිසේන කියනවා යුද්ධය පැවති කාලයේ රට පුරා බෝම්බ පිපිරීම් සිදු වූ බවත්, එම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවත්. ඔහු මතක තබා ගත යුතුයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව. ප්‍රහාර එල්ල වන ස්ථානත් දැන සිටියා. ඒ නිසා ජනාධිපති සිරිසේනට වගකීමෙන් ගැලවෙන්න බැහැ” ප්‍රනාන්දු පියතුමා පැවසීය.

“ශ්‍රී ලංකාවේ කතෝලිකයන් ඔහුට සමාව දී ඔහුව පිළිගන්නා බවත් හිටපු ජනාධිපති සිරිසේන කියනවා. ඒ නිසා අපි ඔහුගෙන් ඉල්ලා සිටින්නේ කොච්චිකඩේ සහ මීගමුවේ කතෝලික ජනතාව අතරට ගොස් ඔවුන් ඔහුව පිළිගන්නා බව ඔප්පු කරන ලෙසයි. එමෙන්ම දෙවියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු කියලා තියෙනවා. එවැනි ප්‍රකාශයක් කිරීමට ඔහු දෙවියන්ගේ නියෝජිතයෙක්ද? ” ඔහු වැඩිදුරටත් පැවසීය.


RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...