29 C
Colombo
Saturday, May 18, 2024

ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන ගත් තීරණය

- Advertisement -

විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ අනුව මෙය ගාස්තු සංශෝධන ක්‍රමවේදයට පෙර මිල ඉහළ දැමිමට සිදුකරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් සිදුකරන බව විදුලි බලමණ්ඩල ප්‍රකාශයෙකු සඳහන් කළා.

ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණා.

කෙසේවුවද යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කිසිදු අයිතියක් නොමැති බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළ අතර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසන්නේ ජනතාව අපහසුතාවට පත් නොකර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතු බවයි.

යළිත් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළහොත් ජනතාව දැඩි අසීරුවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

ජනතාව අසීරුවට පත් නොවන ආකාරයෙන් ගාස්තු සංශෝධනයන් සිදුකිරීමට රජය පියවර ගනු ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...