චීනයේ ආර්ථිකය නරක තත්ත්වයක පවතින බවත් තවත් ටික කාලයක් එම තත්වය පැවතිය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි ආර්ථික වර්ධනය ඇණහිට ඇති අතර තරුණ විරැකියාව වාර්තාගත ඉහල මට්ටමක පැවතීම, නිවාස වෙලඳපොල කඩා වැටෙමින් තිබීම නිසා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය අහිතරකර බලපෑම් රැසකට මුහුණ දී ඇත.
චීනයේ දැඩි ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්ති තත්වය වඩාත් නරක අතට හරවා ඇති අතර මේ වසරේ ආර්ථිකය වෙනස් වන බවට කිසිදු සලකුණක් නොමැති බව CNN වාර්තා කරයි.
පසුගිය සති දෙක තුළ, ප්‍රධාන නගර අටක් සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් අගුලු දමා ඇති අතර මෙම වැදගත් නිෂ්පාදන හා ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව මිලියන 127 ක ජනතාවක් වාසය කරති.
රාජ්‍ය සංඛ්‍යාලේඛන මත පදනම් වූ CNN ගණනය කිරීම්වලට අනුව, රටපුරා, අවම වශයෙන් නගර 74 ක් අගෝස්තු අග සිට වසා දමා ඇති අතර, මිලියන 313 කට වැඩි පදිංචිකරුවන්ට එමගින් බලපෑම් එල්ල වී තිබේ.
අගුලු දැමීම් මගින් බලපෑමට ලක් වූ නගර චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 35 කට දායක වන බව ද සදහන් වේ.