31 C
Colombo
Saturday, July 27, 2024

චීනයේ නව රේඩාර් පද්ධතියට යුධ අරමුණක් තිබිය හැකි බවට වාර්තා

- Advertisement -

චීනයේ නිරිතදිග කලාපයේ ඇති ලෝකයේ වඩාත්ම දුර පරාසයක් ඇති රේඩාර් පද්ධතියට, යුධ අරමුණක් තිබිය හැකි බව Radio Free Asia (RFA) විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් වාර්තා කර තිබේ.

චීනය දැනට චෝන්කින් මහ නගර සභාවේ නව අධි-විභේදන ගැඹුරු අභ්‍යවකාශ සක්‍රීය නිරීක්ෂණ පහසුකමක් ගොඩනඟමින් සිටින බව එම වාර්තාවල දැක්වේ.

ආසියානු ආරක්ෂක විශ්ලේෂකයෙකු වන කොලින් කොන් පැවසුවේ රේඩාර් සාමාන්‍යයෙන් ග‍්‍රහක නිරීක්‍ෂණය කිරීමට සැලසුම් කර ඇත්නම් එය අභ්‍යවකාශ නිරීක්ෂණ සඳහා මූලික හැකියාවන්ගෙන් සතු වන බවත් එය අභ්‍යවකාශයේ ඇති වස්තූන් වෙන්කර හඳුනාගෙන ඒවා හඹා යාමට සමත් වනු ඇති බවත්ය.

මෙම පහසුකමට මීටර් 25 සිට 30 දක්වා විෂ්කම්භයක් සහිත ඇන්ටනා 20කට වැඩි ප්‍රමාණයක් සහිත බෙදා හරින ලද රේඩාර් ඇතුළත් වේ.

ව්‍යාපෘතියේ ප්‍රධාන සංවිධානය වන බීජිං තාක්ෂණ ආයතනය ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ මෙම ඇන්ටනා කිලෝමීටර් මිලියන 150 ක් ඇතුළත ග්‍රහක පිළිබඳ අධි-විභේදන නිරීක්ෂණ කල හැකි බවයි.

මෙම පහසුකම හරහා චීන විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ පෘථිවියට ආසන්න ආරක්ෂක සහ අභ්‍යවකාශ සංවේදන හැකියාවන් මෙන්ම පෘථිවියේ වාසස්ථාන සහ ග්‍රහක සෑදීම පිළිබඳ අති නවීන පර්යේෂණ වැනි රටේ අවශ්‍යතා සපුරාලීමටයි.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා.

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...