25 C
Colombo
Monday, May 20, 2024

චීනයේ උප අගමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

- Advertisement -

දැඩි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව චීනයේ ප්‍රධාන නගරවල විරෝධතාවලින් පසුව රටේ කොවිඩ් වැළැක්වීමේ සහ පාලන පියවරයන් වැඩිදියුණු කිරීමට තවදුරටත් උත්සාහ කරන ලෙස චීන උප අගමැති සන් චුන්ලාන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

වෛරසය ව්‍යාධිජනකභාවයෙන් දුර්වල වන බැවින් පරීක්ෂණ, ප්‍රතිකාර සහ නිරෝධායන ප්‍රතිපත්ති ප්‍රශස්ත කිරීමේ වැදගත්කම මෙන්ම සමස්ත ජනගහනයටම ප්‍රතිශක්තිකරණය ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරණය කර ඇති බව ද සදහන් වේ.

රට නව තත්වයකට සහ වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ නව කාර්යයන්වලට මුහුණ දී සිටින බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඒ අතරම, චීන බලධාරීන් සෑම විටම ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාවට මුල් තැන දී ඇති බවත්, ස්ථාවර උපාය මාර්ගයක් සහ නම්‍යශීලී ක්‍රියාමාර්ගයක් සමඟ වසංගතයට මුහුණ දුන් බවත් සන් සඳහන් කර ඇත.

වසංගතයේ ආරම්භයේ සිටම චීනය කොවිඩ් රෝගීන් කෙරෙහි ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර චීනය වසංගත රෝග පාලනය ලෝකයේ දැඩිම ක්‍රියාමාර්ග අනුගමනය කල රට ලෙසට ද සටහන් වී තිබේ.

මානව හිමිකම් සංවිධානවලට අනුව, සති අන්තයේ දී, චීනයේ විශාලතම නගරය සහ මූල්‍ය මධ්‍යස්ථානය වන ෂැංහයි හි දහස් ගණන් ජනයා, රජයේ දැඩි කොවිඩ් ක්‍රියාමාර්ගවලට ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීමට සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ අත්තනෝමතික පාලනය හෙළා දැකීමට පටන් ගත්හ.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...