27 C
Colombo
Sunday, May 19, 2024

චීනය ටිබෙටයේ පාසල් දරුවන්ගේ මොළ සෝදයි

- Advertisement -

මිලියනයක් ටිබෙට් ළමයින් බලහත්කාරයෙන් රඳවා ගනු ලැබ සිටින, ඔවුන්ගේ ටිබෙට් සංස්කෘතික අනන්‍යතාවය අතුගා දැමීමට සහ ඔවුන්ව චීන හන් සංස්කෘතියට අනුගත කරගැනීම සඳහා ක්‍රියාත්මක වන චීන රජය පවත්වාගෙන යනු ලබන පාසල් දාමයක් පිළිබඳ කම්පන සහගත හෙළදරව්වක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය පෙබරවාරි 06 වැනිදා ජිනීවාහිදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

සුළුතර ගැටළු, අධ්‍යාපනික අයිතිවාසිකම් සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් වන Fernand de Varennes, Farida Shaheed සහ Alexandra Xanthaki යන විශේෂඥයින් තිදෙනා ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, “පසුගිය වසර කිහිපයේදී ටිබෙට් ජාතිකයින් සඳහා වන නේවාසික පාසල් පද්ධතිය පිළිබඳව අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනිව, බහුතර හන් සංස්කෘතියට ටිබෙට් ජාතිකයන් උකහා ගැනීම අරමුණු කරගත් අනිවාර්ය මහා පරිමාණ වැඩසටහනක් ලෙස පෙනේ. ” යනුවෙනි.

විශේෂඥයින්ගේ අධ්‍යයනයේ දී, ඔවුන්ගේ පවුල්වලින් බලහත්කාරයෙන් රැගෙන යන ටිබෙට් දරුවන් ටිබෙට් ස්වයං පාලන කලාපය (TAR) තුල මෙන්ම යාබද චීන පළාත්වල විශේෂයෙන් ස්ථාපිත පාසල්වල ස්ථිරවම නතර කරගෙන සිටින බව ඔවුන් සොයාගෙන තිබේ.

ටිබෙටයේ පිටුවහල් කරන ලද ආධ්‍යාත්මික නායක දලයි ලාමා විසින් පිහිටුවන ලද මධ්‍යම ටිබෙට් පරිපාලනය ඇතුළු විවිධ ටිබෙට් කණ්ඩායම් විසින් නැවත නැවතත් චෝදනා කරන පරිදි, ටිබෙට් භාෂාවෙන් අධ්‍යාපනය ටිබෙටය පුරා තහනම් කර ඇති අතර අධ්‍යාපන මාධ්‍යය මැන්ඩරින් චීන භාෂාව පමණක් කර ඇත.

ටිබෙට් භාෂා ඉගැන්වීම සඳහා ටිබෙට් ස්වේච්ඡා සේවකයන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රජා පාසල් වසා දැමීම, සමූලඝාතනය කිරීම සහ ගුරුවරුන් සිරගත කිරීම වැනි සිද්ධීන් බොහොමයක් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...